1. දළ විශ්ලේෂණය (overview of Java)
1991 වසරේදි ජේම්ස් ගොස්ලින් විසින් තමයි මුලින්ම ජාවා හදුන්වාදුන්නේ.ක්‍රම ක්‍රමයෙන් ඇවිත් 1995 දි Sun Microsystems ආයතනය මෙය ප්‍රසිදියට පත් කලා. කොහොමින් කොහොම හරි පරිගණක භාෂා අතරින් ප්‍රධානම තැනක් ගන්න ජාවා පරිගණක භාෂාවට පුලුවන් වෙලා තියෙනවා. හිස්ටරිය ඇති. තවත් ඔනි නම් මෙතනින් කියවන්න. http://en.wikipedia.org/wiki/Java_(programming_language)
වැඩ පටන් ගන්න කලියෙන් මෙන්න මේවා ඔයගේ පරිගණකයේ තියෙන්න ඔනි.
* JDK (Java Development Kit)
* Editor (Optional)
Editor එකක් ගන්න ඔනීම වෙන්නේ නැහැ. ඔයාගේ පරිගණකයේ තියන Notepad එකත් Editor එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්.එක නිසා තමයි ඒක optional කියලා දැම්මේ. හැබැයි ඒක ටිකක් විතර කරදරයි... හරි මේවත් නැහැ කියලා හිතලම වැඩේ පටන් ගමු. ඉස් ඉස්සල්ලාම මෙන්න මෙ ලින්ක් එකට ගිහින් JDK බා ගන්නකො. පොඩ්ඩ්ක් ඉන්න. එතන ගොඩක් ලින්ක් ඇති. ඔයගේ Operating System එකට ගැලපෙන එකක් ගන්න. නැත්තම් වැඩෙ වරදියි. මෙන්න ලින්ක් එක.
ගැලපෙන JDK Version එක අරගෙන ඔයගේ පරිගණකයට දා ගන්නකො ...දැන් එක හරි.
දැන් අපි අපිට පහසු එඩිටරයකුත් ගමුකො. Netbeans, Eclips, J Creator වගේ එවා පාවිච්චී කරන්න පුලුවන්. හැබැයි පුරුදු වෙනකන් අපි Notepad++ වලින් වැඩ කරමු. මෙතනින් එක බා ගන්න.
එකත් පරිගණකයට ඉන්ස්ටොල් කරලම ඉන්න.
දැන් ගොඩ .හැබැයි තව පොඩි වැඩක් තියෙනවා. Setting වගයක් හදන්න තියෙනවා. ඒ ටිකත් හදලම ඉමුකො. හරි මෙහෙමයි.
* ඉස්සෙල්ලාම JDK ඉන්ස්ටොල් විච්ච තැනට ගිහින් ඒ ෆොල්ඩරයේ bin කියන ෆොල්ඩරයට ගිහින් ඒකේ path එක කොපි කර ගන්න. දැන් notepad එක අරගෙන path එක paste කරලා තියගන්නකො.ඔනි වුනම ගමු.
* දැන් මේ විදිහට වැඩේ කරන්න.
Star---->Right click computer tag---->properties---->Advance system setting---->Advanced tag(System property) ---->Enviroment Variables ---->User variables for user ---->Edit---->
variable name : path
variable value : JDK පාත් එක මෙන්න මෙතන paste කරන්න .(පලමු පියවරේදි කොපි කර ගත්ත එක)
දැන් වැඩේ හරි .......
මේක ටිකක් ආමාරුයි වගේද? එහෙනම් පහල තියෙන විදිහට වැඩේ කරන්න.
* Star ---->Right click computer tag ---->properties
*Advance system setting
*Advanced tag(System property) ----> Enviroment Variables
*User variables for user ---->Edit
* variable name : path
variable value : JDK පාත් එක මෙන්න මෙතන paste කරන්න ..(පලමු පියවරේදි කොපි කර ගත්ත එක)
මෙහෙම කලත් වැඩේ හරි .....
දැන් ඉතින් වැඩේ හරිද නැත්ද බලමු. මෙහෙම කරන්න. Start ගිහින් search බාර් එකේ cmd කියල
ටයිප් කරලා Command prompt එක ගන්නකො. එකේ javac කියලා ටයිප් කරලා Enter
ක්ලික් කරන්න. මෙහෙම එනවනම් වැඩේ හරි.

ඔය ටික හදාගන්නකො. අනිත් දවසේ අපි අපේ පලමු ප්‍රොග‍්රරම් එක ලියමු. පටන් ගත්ත වැඩේ හොදද නැද්ද කියලත් කියලම යන්න.
This comment has been removed by the author.
ReplyDelete