පළමු පිම්ම (First Step)

2. පළමු පිම්ම (First Step)

හා හා පුරා කියලා අද අපි අපේ පලමු ප්‍රොග‍්රම් එක අත් හදා බලමු. හැබැයි ඉගෙන ගත්තේ නැහැනේ තවම. කමක් නැහැ පලමු පිම්ම පනිමුකො.

හරි,ඉස්සෙල්ලම Notepad++ එක ඔපන් කර ගන්න.

දැන් මෙන්න මේ ටික ටයිප් කරන්න. ටයිප් කරද්දි capital අකුරූ simple අකුරූ ඒ විදිහටම ටයිප් කරන්න. මොකද ජාවා කියන්නේ case sensitive පරිගණක භාෂාවක්. ඒවා පස්සේ කතා කරමු. දැනට මෙහෙම කරමු.




පෙන්නේ නැහැ වගේද? හරි එහෙනම් මෙන්න මෙහෙම ටයිප් කරන්න.

public class MyFirst
{
          public static void main(String args[])
          {
                    System.out.print ("Happy, Run My First Program");
          }
}

දැන් ප්‍රොග‍්රම් එක සේව් කරමු. අපගේ පහසුවට අපි මෙක ඩෙස්ක්ටොප් එකේ සෙව් කර ගමු. හැබැයි මතක තිය ගන්න ඔනි සේව් කරද්දි ක්ලාස් නේම් එකම සේව් ෆයිල් එකට දෙන්න. එක එහෙම වෙන්නම ඔනි.නැත්තම් අපේ වැඩ සටහන run කරගන්න වෙන්නේ නැහැ...එහෙනම් මෙකේ නම වෙන්නේ MyFirst කියලයි. තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මතක ඇතිව MyFirst.java කියලා සේව් කරන්න. එතකොට තමයි එක java කියලා පරිගණකය හදුනා ගන්නේ. 

දැන් හරි....දැන් අපේ පලමු වැඩ සටහන Run කරන්නයි යන්නේ. මේ විදිහට කරමු.


*   ඔයාගේ Command promt එක ඔපන් කරගන්න.
…*   දැන් cd Desktop කියලා ටයිප් කරලා Enter කරන්න.
…*   දැන්  ,  javac MyFirst.java කියලා ටයිප් කරලා Enter කරන්න.
…*   අන්තිම පියවර විදිහට  java MyFirst කියලා ටයිප් කරලා Enter කරන්න.

     Happy, Run My First Program කියලා පෙන්න තියනවනම් වැඩේ හරි.




ප්‍රොග‍්රම් එකනම් Run වුනා. එත් මොනවද මෙ public , static , void , String , System , print කියන්නේ කියල ප්‍රශ්න ගොඩක් ඇති. කලබල වෙන්න ඔනි නැහැ. ඉස්සරහට යද්දී එකින් එක ඉගන ගමු. ගිහින් එන්නම්.








No comments:

Post a Comment