පළමු පිම්ම (First Step)

2. පළමු පිම්ම (First Step)

හා හා පුරා කියලා අද අපි අපේ පලමු ප්‍රොග‍්රම් එක අත් හදා බලමු. හැබැයි ඉගෙන ගත්තේ නැහැනේ තවම. කමක් නැහැ පලමු පිම්ම පනිමුකො.

හරි,ඉස්සෙල්ලම Notepad++ එක ඔපන් කර ගන්න.

දැන් මෙන්න මේ ටික ටයිප් කරන්න. ටයිප් කරද්දි capital අකුරූ simple අකුරූ ඒ විදිහටම ටයිප් කරන්න. මොකද ජාවා කියන්නේ case sensitive පරිගණක භාෂාවක්. ඒවා පස්සේ කතා කරමු. දැනට මෙහෙම කරමු.




පෙන්නේ නැහැ වගේද? හරි එහෙනම් මෙන්න මෙහෙම ටයිප් කරන්න.

public class MyFirst
{
          public static void main(String args[])
          {
                    System.out.print ("Happy, Run My First Program");
          }
}

දැන් ප්‍රොග‍්රම් එක සේව් කරමු. අපගේ පහසුවට අපි මෙක ඩෙස්ක්ටොප් එකේ සෙව් කර ගමු. හැබැයි මතක තිය ගන්න ඔනි සේව් කරද්දි ක්ලාස් නේම් එකම සේව් ෆයිල් එකට දෙන්න. එක එහෙම වෙන්නම ඔනි.නැත්තම් අපේ වැඩ සටහන run කරගන්න වෙන්නේ නැහැ...එහෙනම් මෙකේ නම වෙන්නේ MyFirst කියලයි. තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මතක ඇතිව MyFirst.java කියලා සේව් කරන්න. එතකොට තමයි එක java කියලා පරිගණකය හදුනා ගන්නේ. 

දැන් හරි....දැන් අපේ පලමු වැඩ සටහන Run කරන්නයි යන්නේ. මේ විදිහට කරමු.


*   ඔයාගේ Command promt එක ඔපන් කරගන්න.
…*   දැන් cd Desktop කියලා ටයිප් කරලා Enter කරන්න.
…*   දැන්  ,  javac MyFirst.java කියලා ටයිප් කරලා Enter කරන්න.
…*   අන්තිම පියවර විදිහට  java MyFirst කියලා ටයිප් කරලා Enter කරන්න.

     Happy, Run My First Program කියලා පෙන්න තියනවනම් වැඩේ හරි.




ප්‍රොග‍්රම් එකනම් Run වුනා. එත් මොනවද මෙ public , static , void , String , System , print කියන්නේ කියල ප්‍රශ්න ගොඩක් ඇති. කලබල වෙන්න ඔනි නැහැ. ඉස්සරහට යද්දී එකින් එක ඉගන ගමු. ගිහින් එන්නම්.








ජාවා උගනිමු


ජාවා උගනිමු 

යහලුවනේ ,ඔයලත් ආසද ජාවා ඉගන ගන්න.එහෙනම් මුල ඉදන් පටන් ගමු. හැබැයි මුලින්ම කියන්න ඔනි මමත් ගොඩක් දුරට නම් හදාරලා නැහැ.හැබැයි ටිකක් දන්නවා. දන්න ටික ලියන්නම්.කතා ඇති. වැඩේ පටන් ගමු. හැබැයි ජාවා සින්හලෙන් ඉගන ගත්තට ප්‍රොගැරම් කරන්න වෙන්නේ සින්හලෙන් නම් නෙවෙයි. එක නිසා තියන ගැලපුම් නැත්තම් syntax එ විදිහටම ඉගන ගන්න වෙනවා. එතකොට වැඩේ ලේසි වෙනවා.

මෙන්න මේ මාතෘකා යටතේ උදාහරන එක්ක ඉගන ගමු.

දළ විශ්ලේෂණය (overview of Java)

1. දළ විශ්ලේෂණය (overview of Java)


1991 වසරේදි ජේම්ස් ගොස්ලින් විසින් තමයි මුලින්ම ජාවා හදුන්වාදුන්නේ.ක්‍රම ක්‍රමයෙන් ඇවිත් 1995 දි Sun Microsystems ආයතනය මෙය ප්‍රසිදියට පත් කලා. කොහොමින් කොහොම හරි පරිගණක භාෂා අතරින් ප්‍රධානම තැනක් ගන්න ජාවා පරිගණක භාෂාවට පුලුවන් වෙලා තියෙනවා. හිස්ටරිය ඇති. තවත් ඔනි නම් මෙතනින් කියවන්න. http://en.wikipedia.org/wiki/Java_(programming_language)

වැඩ පටන් ගන්න කලියෙන් මෙන්න මේවා ඔයගේ පරිගණකයේ තියෙන්න ඔනි.


* JDK (Java Development Kit)
* Editor (Optional)


Editor එකක් ගන්න ඔනීම වෙන්නේ නැහැ. ඔයාගේ පරිගණකයේ තියන Notepad එකත් Editor එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්.එක නිසා තමයි ඒක optional කියලා දැම්මේ. හැබැයි ඒක ටිකක් විතර කරදරයි... හරි මේවත් නැහැ කියලා හිතලම වැඩේ පටන් ගමු. ඉස් ඉස්සල්ලාම මෙන්න මෙ ලින්ක් එකට ගිහින් JDK බා ගන්නකො. පොඩ්ඩ්ක් ඉන්න. එතන ගොඩක් ලින්ක් ඇති. ඔයගේ Operating System එකට ගැලපෙන එකක් ගන්න. නැත්තම් වැඩෙ වරදියි. මෙන්න ලින්ක් එක.
ගැලපෙන JDK Version එක අරගෙන ඔයගේ පරිගණකයට දා ගන්නකො ...දැන් එක හරි.


දැන් අපි අපිට පහසු එඩිටරයකුත් ගමුකො. Netbeans, Eclips, J Creator වගේ එවා පාවිච්චී කරන්න පුලුවන්. හැබැයි පුරුදු වෙනකන් අපි Notepad++ වලින් වැඩ කරමු. මෙතනින් එක බා ගන්න.
එකත් පරිගණකයට ඉන්ස්ටොල් කරලම ඉන්න.


දැන් ගොඩ .හැබැයි තව පොඩි වැඩක් තියෙනවා. Setting වගයක් හදන්න තියෙනවා. ඒ ටිකත් හදලම ඉමුකො. හරි මෙහෙමයි.


* ඉස්සෙල්ලාම JDK ඉන්ස්ටොල් විච්ච තැනට ගිහින් ඒ ෆොල්ඩරයේ bin කියන ෆොල්ඩරයට ගිහින් ඒකේ path එක කොපි කර ගන්න. දැන් notepad එක අරගෙන path එක paste කරලා තියගන්නකො.ඔනි වුනම ගමු.


* දැන් මේ විදිහට වැඩේ කරන්න.
Star---->Right click computer tag---->properties---->Advance system setting---->Advanced   tag(System property) ---->Enviroment Variables ---->User variables for user ---->Edit---->
variable name  : path
variable value  : JDK පාත් එක මෙන්න මෙතන paste කරන්න .(පලමු පියවරේදි කොපි කර ගත්ත එක)


දැන් වැඩේ හරි .......


මේක ටිකක් ආමාරුයි වගේද? එහෙනම් පහල තියෙන විදිහට වැඩේ කරන්න.

* Star ---->Right click computer tag ---->properties


*Advance system setting



*Advanced tag(System property)  ----> Enviroment Variables

 *User variables for user ---->Edit


* variable name  : path
   variable value  : JDK පාත් එක මෙන්න මෙතන paste කරන්න ..(පලමු පියවරේදි කොපි කර ගත්ත එක)

මෙහෙම කලත් වැඩේ හරි .....

දැන් ඉතින් වැඩේ හරිද නැත්ද බලමු. මෙහෙම කරන්න. Start ගිහින් search බාර් එකේ cmd කියල ටයිප් කරලා Command prompt එක ගන්නකො. එකේ javac කියලා ටයිප් කරලා Enter ක්ලික් කරන්න. මෙහෙම එනවනම් වැඩේ හරි. 


ඔය ටික හදාගන්නකො. අනිත් දවසේ අපි අපේ පලමු ප්‍රොග‍්රරම් එක ලියමු. පටන් ගත්ත වැඩේ හොදද නැද්ද කියලත් කියලම යන්න.